Home උණුසුම් පුවත් හමාස් සටන්කාමීන් අරන් ගිය ලාංකිකයා මරුට -ගාසාහි ලාංකිකයෝ 11ක් දේශසීමා පන්නයි

හමාස් සටන්කාමීන් අරන් ගිය ලාංකිකයා මරුට -ගාසාහි ලාංකිකයෝ 11ක් දේශසීමා පන්නයි

හමාස් සටන්කාමීන් අරන් ගිය ලාංකිකයා මරුට -ගාසාහි ලාංකිකයෝ 11ක් දේශසීමා පන්නයි

ඊශ්‍රායලයට පසුගියදා (2023 ඔක්තෝම්බර් 7) වැනි දින එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙන ගොස් ඇති බවට සැක කළ ලාංකිකයකු වූ සුජිත් බණ්ඩාර යටවර මහතා මියගොස් තිබේ.

එහිදී හඳුනානොගත් මළසිරුරක් හා ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල ඔස්සේ ඒ බව තහවුරු කර ගත්තේ යැයි ඊශ්‍රායල් පොලිසියේ ඉන්ටර්පෝල් ශාඛාව අද සනාථ කළ බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

2023 ඔක්තෝම්බර් මස 7 වැනි දින ප්‍රහාරයෙන් හමාස් ග්‍රහණයට පත් සුජිත් යටවර බණ්ඩාර මහතා අතුරුදහන් වූ බව දැක්වෙන ඊශ්‍රායල් රජයේ දැන්වීම.

ඒ අනුව ආගමික වතාව හා ජනතා ගෞරවයන් පිරිනැමීමෙන් අනතුරුව ඔහුගේ සිරූර කොළඹ බලා එවීමට නියමිතය.

සුජිත් බණ්ඩාර යටවර මහතාගේ අභාවය පිළිබඳව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම තානාපති කාර්යාලයේ ශෝකය ඔහුගේ බිරිද ජයනි යටවර මහත්මියට මෙන්ම සෙතුලි හා සෙහාස් යන දරු දෙදෙනාට තානාපතිවරයා විසින් ප්‍රකාශ කර සිටී.

මේ අතර සටන් පවතින ගාසා තිරයේ රැඳී සිටි පවුල් දෙකකට අයත් ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු රෆා දේශ සීමා පිවිසුම හරහා නිරුපද්‍රිතව ඊජිප්තුවට ඇතුල් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here