Home special මුම්බායි හි ඉදිවූ ටෙන්ඩුල්කර්ගේ පිළිරුවට වෙච්ච දේ..

මුම්බායි හි ඉදිවූ ටෙන්ඩුල්කර්ගේ පිළිරුවට වෙච්ච දේ..

0
මුම්බායි හි ඉදිවූ ටෙන්ඩුල්කර්ගේ පිළිරුවට වෙච්ච දේ..

ලෝක පූජිත ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කර් හට උපහාරයක් ලෙස ඉන්දියාවේ මුම්බායි හී වන්කඩේ ක්‍රීඩාංගනයේ ඉදිකළ පිළිරුව, සමාජ මාධ්‍ය තුළ දැඩි හාස්‍යයට ලක්ව තිබේ.

අදාල පිළිරුව ටෙන්ඩුල්කර්ගේ රුවට වඩා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක ස්ටීව් ස්මිත්ගේ රුවට සමාන බවට බොහොදෙනෙක් සමාජ මාධ්‍ය තුල ප්‍රකාශ කර ඇත.

එහිදී බෙහොදෙනෙක් ස්මිත්ගේ රූපය සහ අදාල පිළිරුව සංසන්ධනය කර ඇති අතර එහිදී අදාල පිළිරුව ස්ම්ත්ට ඉතා සමාන බව විශාල පිරිසක් ප්‍රතිචාර දක්වා ඇත.

ටෙන්ඩුල්කර් කුඩා කාලයේ සිට වන්කඩේ ක්‍රීඩංගනයේ ක්‍රිඩා කළ අතර එම පිටිය සමඟ ඔහුට දැඩි සමීප සම්බන්ධයෙක්ද පවතී. ඒ අනුව ඊයේ (02) පැවති ශ්‍රී ලංකා ඉන්දියා තරගයට පෙර මෙම පිළිරුව නිරාවරණය කරනු ලැබීය.

2011 වර්ෂයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ලෝක කුසලාන අවසන් තරඟය ක්‍රිඩා කළේද මෙම ක්‍රීඩාංගනයෙ වන අතරම ටෙන්ඩුල්කර්ගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරඟයද එහිදී ක්‍රීඩා කළේය. එම තරඟය ටෙන්ඩුල්කර් ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් මත වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එය ටෙන්ඩුල්කර්ගේ මව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් ක්‍රිඩා කරණ අයුරු ක්‍රීඩාංගනයකට පැමිණ සජීවීව බැලූ පළමු අවස්ථාවද වේ.

කෙසේ වෙතත් මෙම සුපිරි ක්‍රීඩකයාට ගෞරව කිරීමට ඉදිකළ පිළිරුව අදවන විට සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස උසුළු විසුළුවට ලක්වන තත්ත්වයකට පත්ව ඇති අතර ඒ බව ඇතැම් විදෙස් ක්‍රීඩා මාධ්‍ය ආයතන විසින්ද වර්තා කර තිබීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here