Home උණුසුම් පුවත් ඇලෝෂියස්ගේ මෙන්ඩිස් -ජොනීගේ වයඹ ඇතුළු සමාගම් 5ක මත්පැන් බලපත් අත්හිටුවයි

ඇලෝෂියස්ගේ මෙන්ඩිස් -ජොනීගේ වයඹ ඇතුළු සමාගම් 5ක මත්පැන් බලපත් අත්හිටුවයි

ඇලෝෂියස්ගේ මෙන්ඩිස් -ජොනීගේ වයඹ ඇතුළු සමාගම් 5ක මත්පැන් බලපත් අත්හිටුවයි

රුපියල් බිලියන 6කට අධික හිඟ බදු නොගෙවීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, සිනර්ජි ඩිස්ටිලරීස් පෞද්ගලික සමාගම, ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් කෝපරේෂන් පෞද්ගලික සමාගම, වයඹ ඩිස්ටිලරීස්, ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් පෞද්ගලික සමාගම සහ රන්දෙණිගල ඩිස්ටිලරීස් ලංකා පුද්ගලික සමාගමේ බලපත්‍ර මෙලෙස අත්හිටුවා ඇත.

ඒ අනුව ඔවුන්ගේ මධ්‍යසාර නිෂ්පාදන නිෂ්පාදනය සහ බෙදාහැරීම ද තහනම් කර ඇත.

දීර්ඝ කාලීනව බදු මුදල් නොගෙවා ඇති මෙම සමාගම් සඳහා වාර්ෂික බලපත්‍ර ඔක්තෝබර් 31 වැනිදායින් අවසන් වූ අතර ඒවා අලුත් නොකළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

ඇතැම් සමාගම් දීර්ඝ කාලයක් තිස්සේ නොගෙවූ බදු ගෙවිය යුතුව තිබූ නිසා ඒවා ගෙවීමට නියමිත කාලසීමාවක් දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබුණි.

මෙම කාල සීමාව සපුරාලීමට සමාගම් කිහිපයක් පමණක් සමත් වූ අතර එක් සමාගමක් මෙම තීරණයට එරෙහිව දින 40 ක අත්හිටුවීමේ නියෝගයක් ලබාගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම සමාගම් අත්හිටුවීම හේතුවෙන් වෙළඳපොළට මත්පැන් හිඟයක් ඇති නොවන බවට දෙපාර්තමේන්තුව සහතික වෙයි.

රට තුළ මත්පැන් නිෂ්පාදන සමාගම් 20කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක ය.

සමස්ත නිෂ්පාදනයෙන් 70%ක් පමණ වන මත්පැන් සපයන සමාගම් 2ක් ඇති අතර ඒවා සැපයුම් අත්හිටුවන ලද සමාගම් අතර නොමැත.

සමාගම් විසින් සුරාබදු පැහැරහැරීම පිළිබඳ පසුගිය දිනවල දේශපාලන වේදිකාව තුළ විවිධ විවේචන පැවති අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි අර්ජුන් ඇලෝෂියස්ට අයත් මෙන්ඩිස් මත්පැන් සමාගම රුපියල් කෝටි 340ක සුරාබදු ගෙවීම පැහැර හැර ඇති බවයි.

ඔහු පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් වයඹ ඩිස්ටිලරීස් සමාගම රුපිියල් කෝටි 80ක් සුරාබදු නොගෙවා ඇති බවය.

කෙසේවෙතත් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර අත්හිටුවූ සමාගම් අතර ඉහත සමාගම් දෙක ද ඇතුළත් වන අතර එම සමාගම්වලින් තවදුරටත් මත්පැන් නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය තහනම් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here