කප්පම් නොදීම හේතුවෙන් උරණ වී අත්තනගල්ලේ අවන්හල් හිමිකරුවෙක් ඝාතනය කිරීමේ සූදානමින් පැමිණි මාකිලංගමුවේ සංජීවගේ අභිරහස් වෙඩික්කරුවෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ඊයේ අත්අඩංගුවට ගත්තේය.
මෙම පාතාල අපරාධකරු මෙරටට පැමිණ ඇත්තේ ව්‍යාපාරිකයා ඝාතනයකර නැවත සාජා බලා පිටත්ව යාමේ සූදානමිනි.
බස්නාගලගේ දොන් රොෂාන් චතුර්ක නොහොත් චරික නැමැති මෙම අපරාධකරු මෙම ඝාතනයට සුදානමින් මෙරටට පැමිණ ඇත්තේ ද කොන්ත්‍රාත්තුවකට අනුව බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
මෙම අපරාධකරු මිනිස් ඝාතනයකට සූදානමින් මෙරටට පැමිණෙන බවට තොරතුරු ලැබී තිබී ඇත්තේ ද පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයටය.
අදාල ව්‍යාපාරිකයා තමන්ගෙන් පාතාලය කප්පම් ඉල්ලා තර්ජනය කරන බව අත්තනගල්ල හා නිට්ටඹුව පොලිස් ස්ථානවලට පැමිණිලිද දමා තිබී ඇති බව සඳහන්ය.
මෙම අපරාධකරු එක්සත් එමීර් රාජ්‍යයේ සිට 2023-10-30 ත් 2023-11-01ත් අතර කාලය තුළ මෙරටට පැමිණීමට සූදානමක් ඇති බවට විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ ඔහු මෙරටට පැමිණන විට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් කීය.
විශේෂ කාර්ය බලකාය විසින් මෙහිදී මෙම අපරාධකරුගේ විදෙස් ගමන් බලපත්‍ර අංකය පවා සොයාගෙන ඒ බව ගුවන්තොටුපොල ආරක්ෂක බලධාරීන්ව කල්තියා දැනුවත්කර තිබී ඇත. ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත්තේ එම තොරතුරු හේතුවෙනි.
ගලපිටමඩ පොලිස් වසමේ දුනුමාල ප්‍රදේශයේදී පසුගිය ජූලි 14 වෙනිදා සරත් වේරගොඩ නොහොත් දුනුමාල සරත් නැමැති පුද්ගලයකුට T56 වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සැළසුමද ඩුබායි සිට ක්‍රියාත්මකකර ඇත්තේ මෙම සැකකරු බව හෙළිවී තිබේ.
ගුවන්තොටුපොලේදී අත්අඩංගුවටගත් මෙම සැකකරුව පොලිස් විශේෂ කාර්ය බලකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මූලික විමර්ශන කටයුතු සදහා විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා විසින් සිය භාරයට ගෙන කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මෙම පුද්ගලයා යුද හමුදා සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇති අයෙක් බවය. 2008 වසරේ පෙබරවාරි 06 වෙනිදා නිවාඩු ලැබ නිවසට පැමිණ සිටියදී කොටුගොඩ සීදූව පාරේ පදිංචි නෙවිල් පෙරේරා යන අයට ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමකට අත්අඩංගුවට පත්ව ඇති බවය. ඒ සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේ ඔහුට එරෙහිව නඩුවක් පවා ඇතැයි පොලීසිය කියයි.
ඒ හැරුණු කොට කෑගල්ලේ සිදුවූ රන් මාල කොල්ලයක්, කඩවතදී යතුරුපැදියක් සොරකම් කිරීමේ චෝදනාවක් ද මෙම සැකකරුට එරෙහිව ඇතැයි පොලීසිය කියයි. මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම් සම්බන්ධයෙන් නිට්ටඹුව,අත්තනගල්ල සහ වීරගුල යන පොලිස් ස්ථානවලට මෙම පුද්ගලයා හසුවී ඇති බවද අනාවරණය වී ඇත.
විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස්මත මෙම සැකකරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීතාවකපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී තිබේ.