Home උණුසුම් පුවත් බදු මඟහරින්න බොරු තොරතුරු දීලා හමාරයි -ලබන මාසේ ‍සිට වෙන දේ..

බදු මඟහරින්න බොරු තොරතුරු දීලා හමාරයි -ලබන මාසේ ‍සිට වෙන දේ..

බදු මඟහරින්න බොරු තොරතුරු දීලා හමාරයි -ලබන මාසේ ‍සිට වෙන දේ..

බදු හා සම්බන්ධ කටයුතු විද්‍යුත්කරණය කිරීමේ රැමීස් ව්‍යාපෘතිය ලබන මාසයේ සිට ජනගත කර ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව මින් පෙර සිදුවූ පරිදි, පුද්ගලයා විසින් සපයනු ලබන දත්ත මත නොව, ආයතන ගණනාවක් සමඟ ඒකාබද්ධ වීම නිසා ආදයම් දත්ත විද්‍යුත්කරණය මගින් එක්කරගැනීමේ හැකියාව ද මෙමගින් ලැබෙනු ඇත.

රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යනාදි ආයතන විශාල සංඛ්‍යාවක් මෙහිදී ඒකාබද්ධ වීම නිසා බදු ගෙවිය යුතු පුද්ගලයාගේ දත්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ ගොනුවීම මෙමගින් සිදුවේ.

ඒ අනුව බදු නියමිත පරිදි අයවීම තුළින් එලෙස අය නොවිය යුතු පුද්ගලයන්ගේ බදු බර ලිහිල් වීම ද මෙහිදී සිදුවනු ඇත.

මෙම ක්‍රමය 2013 වසරේදී ආරම්භ කරන ලද්දක් වුවද අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් නොගෙවීම නිසා එය ක්‍රියාත්මක නොවී තිබී ඇත.

අමාත්‍යවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here