තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'පර්සි අංකල්' යන්නම ගිහින්...

    ‘පර්සි අංකල්’ යන්නම ගිහින්…

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ කීර්තිමත්ම චියර්ලීඩර්, ‘පර්සි අංකල්’ ලෙසින් ප්‍රකට පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත විය.

    ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

    දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශක්තියක් වීමට පිටියේ ප්‍රසිද්ධියට පත්, ස්වේච්ඡාවෙන් ඔල්වරසන් දෙන ඔහු කලක සිට පැවති රෝගාබාධයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිට ඇත.

    1936 ජුලි මස 30 වැනි දින උපන් පර්සි අබේසේකර මහතා මිය යනවිට 87 වැනි වියෙහි පසුවිය.

    පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් රු. මිලියන 5ක් පරිත්‍යාග කර තිබුනේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

    මෙම පරිත්‍යාගය අබේසේකර මහතාගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත. “ප්‍රීතිමත් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පර්සි දැක්වූ දායකත්වය අපමණය. ඔහු ක්‍රීඩකයින්ට සහ සමස්ත ක්‍රීඩාවට ශක්තියේ කුළුණක් විය. ඔහුගේ යහපැවැත්ම ගැන සොයා බැලීමට අපිට ලැබී ඇති අවස්ථාව මෙයයි” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා එහිදී පවසා තිබේ.

    ලෝක ප්‍රකට, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වූ සනත් ජයසූරිය මහතා අංකල් පර්සි පිළිබඳ සංවේදී සටහනක් කර තිබුණේ මෙසේය.

     

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img