Home උණුසුම් පුවත් රහස් පොලිස් හිටපු ලොක්කෙක් අත්අඩංගුවට

රහස් පොලිස් හිටපු ලොක්කෙක් අත්අඩංගුවට

0
රහස් පොලිස් හිටපු ලොක්කෙක් අත්අඩංගුවට

බීමතින් රිය පදවා අනතුරක් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අද අලුයම් කාලයේදී වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා මුහුදු මාර්ගය ඔස්සේ බම්බලපිටිය දෙසට ගමන්කරමින් සිටියදී ඔහු පදවාගෙන යමින් සිටි ජිප් රථය වැල්ලවත්තේදී මාර්ගයේ නවතා තිබුණු වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක පිටුපසින් ගැටී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

අලුයම 3.30ට පමණ සිදුව ඇති මෙම අනතුරින් පසු වැගන් ආර් රථය ඉදිරියට ඇදී ගොස් තවත් වානයකද ගැටී ඇති බව පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය විසින් මෙම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගෙන බීමත්කම සම්බන්ධයෙන් කළ පරීක්ෂායේදී ඔහු මත්පැන් පානයකර සිටින බව තහවුරුවී ඇත. අද පෙරවරුවේදී මෙම නිලධාරියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here