Home උණුසුම් පුවත් චීනයේ ශෙන්චෞ-17 අභ්‍යාවකාශ යානය උඩුගුවනට

චීනයේ ශෙන්චෞ-17 අභ්‍යාවකාශ යානය උඩුගුවනට

චීනයේ ශෙන්චෞ-17 අභ්‍යාවකාශ යානය උඩුගුවනට

 
චීනයේ ශෙන්චෞ-17 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය සාර්ථක ව ගුවන්ගත කෙරේ. ඊයේ (26) පෙරවරුවේ අභ්‍යවකාශයට යොමුකෙරුණු යානය නියමිත කක්ෂයට ඇතුළු වී මෙහෙයුම සම්පූර්ණයෙන්  සාර්ථක වී ඇතැයි අදාළ බලධාරීහු පවසති.
 
යානය කක්ෂයට ඇතුළු වූ පසු එය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එකලස් කිරීමේ ඒකකය සමග ස්වයංක්‍රීයව සම්බන්ධ වී ඇත. අනතුරුව,  එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 5 ක පමණ කාලයක් තිස්සේ රැඳීසිටින  ශෙන්චෞ 16 යානයේ ගගනගාමීන් මෙවර යානයේ ගගනගාමීන් හා එක්ව තිබේ.
 
මෙවර මෙහෙයුමේ දී, ශෙන්චෞ 17 ගගනගාමීන් පිරිස අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත ක්‍රියාකාරකම් රැසක් සිදුකරනු ඇත. අභ්‍යවකාශ විද්‍යා අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් ඊට ඇතුළත් වේ. මධ්‍යස්ථානය තුළ මෙන්ම පිටතඋපකරණ ස්ථාපනය කිරීම, දෝෂ පරික්ෂාව සහ අලුත්වැඩියා කිරීම් වැනි විවිධ කාර්යයන් ඔවුන් එහිදී ඉටුකිරීමට නියමිත ය.
 
චීනය මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු සිදුකළ 30 වැනි මෙහෙයුම වන මෙය ලෝන්ග්මාච් ප්‍රවාහක රොකට් මාලාවේ 493 වැනි අභ්‍යවකාශ මෙහෙයුම ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here