තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ පාසල් දන්ත චිකිත්සක සේවයත් අවදානමක

    රජයේ පාසල් දන්ත චිකිත්සක සේවයත් අවදානමක

    පාසල් දන්ත චිකිත්සක සේවය බරපතළ අර්බුදයකට මුහුණපා සිටින බව රජයේ පාසල් දන්ත චිකිත්සක සංගමය පවසයි.

    එම සංගමය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවී සාකච්ඡාවක නිරත වී  තිබේ.

    රජය සමඟ කලක් තිස්සේ සාකච්ඡා කරමින් ද ඉල්ලීම් කරමින් ද පැවතියත් මෙතෙක් විසඳුම් ලබානොදීම හේතුවෙන් මෙම සේවයේ අනාගතය අවදානමකට ලක්ව ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.

    සෞඛය අමාත්‍යාංශය යටතේ අතුරු වෛද්‍ය සේවාවක් ලෙස මෙම සේවය ක්‍රියාත්මක වුවද වසර 30 ක පමණ තිස්සේ ඉල්ලීම් කළත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය මේ වනතෙක් ලබා දී නොමැති බවඑම සංගමය කියයි.

    පාසල් දන්ත චිකිත්සක නිලධාරීන්ගේ හිගයට ද මෙතෙක් විසඳුම් ලැබී නැත. දිවයින පුරා පාසල් දන්ත චිකිත්සකාගාර 417 ක් පවතී. එහි සේවය සදහා නිලධාරීන් 516ක් අවශ්‍යය. නමුත් මේ වන විට සේවය කරනුයේ නිධාරීන් 356ක් පමණි. ඒ අනුව නිලධාරින් 161 ක පුරප්පාඩු පවතී. පුහුණුව සදහා බදවා ගනීම් නතර කිරීම හේතුවෙන් පුරප්පාඩු පිරවීමට නොහැකිව ඇත. ඒ එක් ගැටලුවක් පමණි.

    පාසල් දන්ත විකිත්සක උසස් ඩිප්ලෝමා පාඨමාලාව උපාධියක් දක්වා උසස් කිරීම ද එම සංගමයේ ඉල්ලීම් අතර වේ.

    කෙසේවෙතත් පාසල් දරුවන්ගේ දන්ත සෞඛ්‍ය ආරක්ෂාව සපයන මෙම සේවයේ ගැටලු නිරාකරණය කරගැනීමට සහය වන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වෙත එම සංගමය ලිපියක් ද බාර දී ඇත.

    එම ලිපිය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img