තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මම හමාස් ප්‍රහාර සාධාරණීකරණය කළේ නෑ" -ජගත් මහලේකම්

    “මම හමාස් ප්‍රහාර සාධාරණීකරණය කළේ නෑ” -ජගත් මහලේකම්

     
    තමා හමාස් ප්‍රහාර අනුමත කරන බවට ඊශ්‍රායල රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් කරන ලද චෝදනාත්මක  ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා  තරයේ ප්‍රතික්ෂේප කරයි.  ඊයේ  (26) ආරක්ෂක මණ්ඩලය හමුවේ කළ ප්‍රකාශයක දී හෙතෙම මේ බව කියාසිටියේය.
     
    ඊශ්‍රායල සහ පලස්තීන අර්බුදය සම්බන්ධයෙන්, ආරක්ෂක කවුන්සිලයේ 24 වැනිදා පැවති විවාදය අමතමින් මහලේකම්වරයා පැවසුවේ ඉකුත් 7 වැනි දා හමාස් කණ්ඩායම එල්ල කළ අතිශය බරපතල ප්‍රහාර කිසිවක් සාධාරණීකරණය කළ නොහැකි වුවද, එම ප්‍රහාරයන් පිළිබඳව හඳුනා ගැනීම වැදගත් බව යි.

    මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායලයේ නිත්‍ය නියෝජිත ගිලාඩ් එර්ඩන්, මහලේකම්වරයාගේ  කතාව සිවිල් වැසියන් 1,400 ක් පමණ මිය ගිය කුරිරු හමාස් ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට කරන ලද උත්සාහයක් බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටි ඔහු ඊශ්‍රායලය ජගත් සංවිධාන නිලධාරීන්ට වීසා ලබා නොදෙන බව ද පැවසීය.
     
    තම ප්‍රකාශ වැරදි ලෙස අර්ථනිරූපණය කිරීම ගැන දැඩි කම්පනයට පත් වූ බවද ගුටරෙස් මහතා වාර්තාකරුවන් හමුවේ පවසා ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img