තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් ඇමතිගෙන් අලුත් පරිසර පනතක්

    අලුත් ඇමතිගෙන් අලුත් පරිසර පනතක්

    මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ජාතික පරිසර පනත වෙනුවට රටට කාලීනව ගැළපෙන නව පරිසර පනතක් ගෙන ඒමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුව ඇතැයි පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

    1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත් මගින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වර්තමානයේ ක්‍රියාත්මක වේ.

    එබැවින් දැනට ක්‍රියාත්මක “ජාතික පාරිසරික පනත” සංශෝධනය කිරීමට වඩා නව පනතක් ගෙන ඒම කාලෝචිත බව අමාත්‍යවරයා පවසයි. පනත සංශෝධනය කිරීම තුළින් බොහෝ පාරිසරික ගැටලු විසදීමට අවශ්‍ය පියවර ගත හැකියයි ද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

    ඒ අනුව, පරිසරය සුරකිමින් තිරසර සංවර්ධනයක් වෙත පිය නැගිය හැකි ලෙස නව ජාතික පරිසර පනතක් ගෙන ඒමේ කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරිය වෙත අද උපදෙස් ලබා දුන්නේය.

    මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය හඳුනාගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

    නිවාස සංකීර්ණ ඉදිකිරීමේ දී පරිසරයට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ සොයා බලා එම බලපෑම් අවම කළ හැකි ක්‍රමවේද වෙත යොමු වීමට අවශ්‍ය පියවර ගැනීම, වැසි ජල කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති භාවිතය ආදී වැඩපිළිවෙළ වෙත යොමුවීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    ලෝකයම පරිසරය සුරැකීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාවතක් ඇතිකර ගෙන තිබෙන යුගයක අප ද පුළුල් දැක්මකින් යුතුව සෑම ක්‍ෂේත්‍රයක් වෙතම අවධානය යොමුකරමින් හරිත ආර්ථිකයකට අවශ්‍ය පදනම සකස් කිරීමට කටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img