Home උණුසුම් පුවත් තමන් රට ඉද්දී ගුරු-විදුහල්පති විරෝධයට වෙච්ච දේ ගැන ඇමති දුක්වෙයි

තමන් රට ඉද්දී ගුරු-විදුහල්පති විරෝධයට වෙච්ච දේ ගැන ඇමති දුක්වෙයි

0
තමන් රට ඉද්දී ගුරු-විදුහල්පති විරෝධයට වෙච්ච දේ ගැන ඇමති දුක්වෙයි

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අසලදී පසුගියදා(24) පැවැත්වූ ගුරු-විදුහල්පති විරෝධතාවයේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සිය කණස්සල්ල පළ කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගතව සිටියදී වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා සිය කණගාටුව පළකරන බවයි.

එමෙන්ම ගුරු-විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතා හා ගැටළු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී මෙවැනි සිදුවීමක් වීම ගැන ද අමාත්‍යවරයා සිය කනගාටුව පළකර ඇත.

ඉල්ලීම් කිහිපයක් මුල්කොට ගනිමින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අසසලට පෙළපාලියකින් පැමිණි ගුරු-විදුහල්පති සංගමයට විරෝධතාව විසුරුවාහැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

සබැඳි පුවත් ගුරු විරෝධයට කඳුළු ගෑස් (📹)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here