චීන රජය විසින් පසුගිය කාලයේදී දැඩි මාධ්‍ය අවධානයක් දිනා ගැනිමට සමත් වූ එරට ආරක්ෂක ආමාත්‍ය ලී ෂැංෆු නිල වශයෙන් එම ධූරයෙන් නෙරපා හැර තිබේ.
මෙලෙස ආරක්ෂක අමාත්‍යවරයාව ඉවත් කිරීම සම්බන්ධයෙන් චීන රජය විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කරන නොමැත. එමෙන්ම හිස් වූ ආරක්ෂක අමාත්‍යධුරයට කවරෙකු පත් කරන්නේද යන්න පිළිබඳ තවමත් චීන රජය නිල වශයෙන් කිසිවක් සඳහන් කර නොමැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
චීනයේ ඉහළ පෙළේ නීති සම්පාදකයින් වන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව විසින් ආරක්ෂක අමාත්‍යවරයාව ඉවත් කිරීම අනුමත කළ බව එරට නිල මාධ්‍ය ජාලය වන සීසීටීවී වාර්තා කළේය.
මේ අතර රොයිටර් පුවත් සේවය පසුගිය මාසයේ වාර්තා කළේ, චීන ආරක්ෂක අංශ වලට අවශ්‍ය කරනු ලබන උපකරණ ප්‍රසම්පාදනය සහ සංවර්ධනය සම්බන්ධව සිදුවූ වංචා සහ දූෂණ ක්‍රියාවලට ආරක්ෂක අමාත්‍යවරයා සම්බන්ධ බවට සැක කෙරෙන බවත් එම දූෂණ සම්බන්ධයෙන් ඔහුව විමර්ශනයට ලක්ව ඇති බවත්ය.
ඒ අනුව මෙම සතියේදී බීජිං විදෙස් රටවල ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත විශේෂ ආරක්ෂක සමුළුව ආරක්ෂක අමාත්‍යවරයෙකු නොමැතිව පැවැත්වීමට බොහෝවිට ඉඩ කඩ පවතින බවටද වාර්තාවේ.