තවත්
    මුල් පිටුවspecialබංගලාදේශ දුම්රිය අනතුරකින් 20ක් මරුට

    බංගලාදේශ දුම්රිය අනතුරකින් 20ක් මරුට

    නැගෙනහිර බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.

    ඊයේ පස්වරුවේ ඩකා නගරයට ඊසාන දෙසින් කිලෝමීටර් 80ක් දුරින් පිහිටි බහිරාබ්හිදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මගී දුම්රියක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් මෙම අනතුරට හේතු වන්නට ඇති බව එරට දුම්රිය බලධාරීන් සඳහන් කර තිබේ.

    දුම්රිය අනතුරත් සමඟ මගී ප්‍රවාහන දුම්රියේ ගමන් විශාල පිරිසක් දුම්රිය මැදිරි අතර සිරවී සිට ඇති අතර ඇතැමෙක් එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බවද බංගලාදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
    සිද්ධිය සම්බන්ධයෙන් බංගලාදේශ බලධාරීන් මේවන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

    බංගලාදේශයේ පවතින දුම්රිය මාර්ග රැසක් නිසි නඩත්තු කිරීමටක ලක්නොවන අතර දෛනිකව විශාල පිරිසක් දුම්රිය භාවිතා කිරීමට සිදුකරයි. ඒ බැවින් එරට තුල දුම්රිය අනතුරු ඉතා සුලභය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img