තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් කුඩු බෝට්ටුවක් නාවික හමුදා ග්‍රහණයට

    තවත් කුඩු බෝට්ටුවක් නාවික හමුදා ග්‍රහණයට

    ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සමුද්‍රාරක්‍ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 ක් පමණ (කිලෝමීටර් 168 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් අයිස් සහ හෙරොයින් කිලෝ 212ක ප්‍රමාණයක් සහ පුද්ගලයින් 05 දෙනෙක් සමඟ අල්ලාගත් බහුදින යාත්‍රාව දෙවුන්දර ධිවර වරායට රැගෙන විත් පැය 24ක් ගත වන්නටත් මත්තෙන් තවත් මත්කුඩු තොගයක් සමඟ යාත්‍රාවක් නාවික හමුදාව විසින් අද (23) අත්අඩංගුවට ගෙන ඇත.

    මේ වන විට එම යාත්‍රාව ගොඩබිම වෙත රැගෙන ඒමේ කටයුතු ආරම්භකර ඇති බවත් එහි මත්කුඩු විශාල ප්‍රමාණයක් ඇති බවත් ආරංචි මාර්ග අනාවරණය කළේය.

    මෙම මත්කුඩු තොගය මෙම වසරේ මෙතෙක් අත්අඩංගුවටගත් විශාලතම මත්කුඩු තොගය වනු ඇතැයි අනුමාන කෙරේ.

    ඊයේ ගොඩබිමට රැගෙන පැමිණි මත්කුඩු තොගය රුපියල් මිලියන 4000 කට අධික දළ වීථි වටිනාකමකින් යුත්ත බව නාවික හමුදාව සඳහන් කළේය.

    නාවික හමුදා බුද්ධි අංශය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්‍රාරක්‍ෂා නෞකාව යොදවා ගාල්ල සිට බටහිර දෙසට නාවික සැතපුම් 91 ක් පමණ (කිලෝමීටර් 168 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් 2023 ඔක්තෝබර් මස 20 වන දින සවස් කාලයේ එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ මෙම සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්‍ෂාව සඳහා දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරුණු බව නාවික හමුදාව සඳහන් කළේය.

    උර දොළහක් (12) තුල පාර්සල් එකසීය හැටක (160) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 180 ග්‍රෑම් 800 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සහ පාර්සල් විසි අටක (28) අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 31 ග්‍රෑම් 550 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) එම යාත්‍රාවේ තිබී ඇත.

    මෙහිදී අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 26 ත් 53 අත‍ර වන දෙවුන්දර සහ කෝට්ටේගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය.

    මෙම මත්ද්‍රව්‍ය තොගය අතර හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 180 ග්‍රෑම් 800 ක පමණ තොගය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 31 ග්‍රෑම් 550 ක පමණ තොගයක් තිබී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img