Home උණුසුම් පුවත් හරීන් -මනුෂගේ පෙත්සම් විභාගය කල්යයි

හරීන් -මනුෂගේ පෙත්සම් විභාගය කල්යයි

හරීන් -මනුෂගේ පෙත්සම් විභාගය කල්යයි

හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු දෙදෙනා විසින් සිය පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය මේ මස 27 වනදා දක්වා කල්තබා තිබේ.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද කරන ලද නියෝගයකට අනුවයි.

සමගි ජන බලවේගය විසින් තම පක්ෂ සාමාජිකත්වය අහිමිකිරීමට ගත් තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා අමාත්‍යවරුන් දෙදෙනා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද (23) කැඳවනු ලැබීය.

එම විනිසුරු මඩුල්ල විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ය.

පෙර දින මෙම පෙත්සම් විභාගයට සහභාගි වූ විනිසුරු මඩුල්ල අද දිනයේදී නිසියාකාරව සංයුක්ත නොවිණි.

එහෙයින් එම පෙත්සම් පිළිබඳ විභාගය ලබන 27 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here