තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇල්කොහොල් කොච්චර පොඩ්ඩක් ගත්තත් මොළයට හොඳ නෑ

    ඇල්කොහොල් කොච්චර පොඩ්ඩක් ගත්තත් මොළයට හොඳ නෑ

    කුමන ප්‍රමාණයක වුවද ඇල්කොහොල් මොළයට අහිතකර ලෙස බලපාන බව නවතම අධ්‍යයකයකින් හෙළිවෙයි.

    එක්සත් රාජධානියේ 25,000 කට අධික පිරිසකගේ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ මොළයට කිසිසේත් ආරක්ෂිත මත්පැන් පරිභෝජන මට්ටමක් නොමැති බවයි.

    අවම හෝ මධ්‍යස්ථ බලපෑමක් ඇතිකරන බව කියන මත්පැන් මගින් පවා මොළයේ සෑම කොටසකටම අහිතකර ලෙස බලපාන බව මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇත.

    තවමත් සමාලෝචනය කරමින්‌ පවතින මෙම අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ වැඩි වශයෙන් මත්පැන් පානය කිරීම මොළයේ පරිමාව අඩු කරන බවයි.

    ඇත්ත වශයෙන්ම, ඔබ වැඩි වැඩියෙන් පානය කරන තරමට ඔබේ මොළයෙන් නරක අතට හැරෙන බව ඔවුහු පෙන්වා දී තිබේ.

    “හානියක් වීමට ප්‍රමාණාත්මකව පානය කිරීමක් නැත – ඕනෑම මත්පැන් ප්‍රමාණයක් නරක ය”. ඔක්ස්ෆර්ඩ් සරසවියේ ජ්‍යෙෂ්ඨ සායනික කථිකාචාර්යවරියක් වන ආන්යා ටොපිවල පැවසුවේ, කලින් සිතූ පරිදි, මොළයේ විශේෂිත කොටස්වලට පමණක් නොව, සමස්ත මොළයටම බොහෝ සෙයින් බලපාන බවයි.

    සමහර පුද්ගලයින්ට රෝග ඇතිවීමට හේතු වන ජාන හා පාරිසරික සාධක විකේතනය කිරීමට පර්යේෂකයන්ට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති සැලකිය යුතු දත්ත සමුදායක් ඇති එක්සත් රාජධානියේ ජෛව බැංකුව භාවිතා කරමින් ද මෙම අධ්‍යයනය සිදුකරනු ලබයි.

    මෙම අධ්‍යයනයේ දී පර්යේෂකයින් වයස, ස්ත්‍රී පුරුෂ භාවය, අධ්‍යාපනය, ස්වයං වාර්තා ආදියෙන් යුත් සහභාගිවන්නන් 25,378 දෙනෙකුගේ දත්ත විශ්ලේෂණය කළහ.

    මත්පැන් පානය, එම්ආර්අයි ස්කෑන් වලින් මොළයේ ප්‍රමාණය සහ සෞඛ්‍යය, රෝහල් සහ බාහිර රෝගී තත්ව පිළිබඳ තොරතුරු සහ මතකය පිළිබඳ පරීක්ෂණ ද සිදුකරයි.

    අධි රුධිර පීඩනය සහ අධි BMI වැනි පුද්ගලයෙකුගේ අභන්න්තරව පවතින තත්වයන්, මධ්‍යසාර හා මොළයේ සෞඛ්‍යය අතර ඇති ඍණාත්මක සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට හේතුවූ බවද පර්යේෂකයෝ සොයා ගත්හ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img