Home උණුසුම් පුවත් පෝට් සිටි විවාදය අද ඇරඹේ

පෝට් සිටි විවාදය අද ඇරඹේ

පෝට් සිටි විවාදය අද ඇරඹේ

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

එමෙන්ම හෙට (20) දිනයේදී ද එය විවාදයට ගැනීමට අපේක්ෂා කෙරේ.

කෙටුම්පත විවාදයට ගන්න අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සම්පූර්ණ කාලයම පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බවට දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ සභානායකවරයා හරහා මන්ත්‍රීවරුන් දැනුවත් කළ යුතු බවත් ඊයේ තීරණය කර තිබුණි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති කරුණුවලට අනුකූලව අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊයේ (18) හිමිව තිබේ.

ඒ ඊයේ රැස්වූ කැබිනට් රැස්වීමේ දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here