Home උණුසුම් පුවත් මේ මාසෙට සංචාරකයන් 50,000ක් ඇවිත්

මේ මාසෙට සංචාරකයන් 50,000ක් ඇවිත්

මේ මාසෙට සංචාරකයන් 50,000ක් ඇවිත්

මේ වසරේ ගත වූ මාස 10 තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් 1,066,651ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ මස ගතවූ දින කිහිපය තුළ සංචාරකයන් 50,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය කීය.

මේ මස 01 දින සිට 15 වැනි දින දක්වා කාලය තුළ සංචාරකයන් 50,395 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කර ඇත.

ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයන් වන අතර, එම සංඛ්‍යාව 12,261කි.

එමෙන්ම රුසියානු, බ්‍රිතාන්‍ය, චීන, ජර්මන්, ඔස්ට්‍රේලියානු ඇතුළු රටවල් කිහිපයක සංචාරකයන් එම කාලය තුළ දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ අතර, පසුගිය මාසය තුළ සංචාරකයන් 111,938කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here