තවත්
    මුල් පිටුවදේශීය පුවත්කල්කුඩා වෙරළේදී මිය ගිය කොටි සමරන්න ගිය අයෙක් අත්අඩංගුවට

    කල්කුඩා වෙරළේදී මිය ගිය කොටි සමරන්න ගිය අයෙක් අත්අඩංගුවට

    මඩකලපුව කල්කුඩා වෙරළ තීරයේ යුද්ධයෙන් මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජික සැමරුම් උත්සවයක් සංවිධානය කළ පුද්ගලයෙක්ව කල්කුඩා පොලීසියේ නිලධාරීන් විසිප් අද
    (18) අත්අඩංගුවට ගත්තේය.

    විමලසේන කුමාර නැමැති එම සැකකරු 38 වියැති අයෙකි.

    කල්කුඩා වෙරළ තීරයේ කළු පැහැති ඇදුමින් සැරසී පුද්ගලයින් 08 දෙනකු සමඟ එක්ව මුහුදට මල් දමා වෙරළ තීරයේ පහන් දල්වමින් මෙම සැමරුම සිදුකර ඇත.

    කල්කුඩා පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් එම සැමරුම සංවිධානය කළ පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය

    ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සැමරුම් උත්සව කිහිපයක් මඩකලපුවේ පැවැත්වීමට සැළසුම්කර ඇතැයි කල්තියා පොලීසියට ලැබී තිබුණු තොරතුරකට අනුව එම සැමරුම්

    තහනම් කරමින් 28 දෙනකුට එරෙහිව අධිකරණ නියෝග පොලීසිය ලබාගෙන තිබිණි.

    අත්අඩංගුව ගත් එම සැකකරු ද අධිකරණයෙන් තහනම් නියෝග ලැබ සිටි පුද්ගලයකු බව පොලීසිය සදහන් කරයි.

    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන යටතේ එම සැකකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img