Home උණුසුම් පුවත් කොටි නැගිටුවන්න කතාකළැයි කී නඩුවෙන් හිටපු රාජ්‍ය ඇමතිනිය නිදහස්

කොටි නැගිටුවන්න කතාකළැයි කී නඩුවෙන් හිටපු රාජ්‍ය ඇමතිනිය නිදහස්

කොටි නැගිටුවන්න කතාකළැයි කී නඩුවෙන් හිටපු රාජ්‍ය ඇමතිනිය නිදහස්

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේස්වරන්ට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඇයට එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් නඩුව අවසන් කරන ලෙසට නීතිපතිවරයා දන්වා තිබුණි.

ඒ පිළිබඳ විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බලා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.

විජයකලා මහේස්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු විෂය භාර අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ යාපනය වීරසිංහ ශාලාවේ පැවති උත්සවයකදී LTTE ත්‍රස්ත සංවිධානය නැවත පණගැන්විය යුතු බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඇයට එරෙහිව නඩුව විභාග විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here