Home උණුසුම් පුවත් බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්: ධීවර-නාවිකයන් සැළකිළිමත්වන්න

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්: ධීවර-නාවිකයන් සැළකිළිමත්වන්න

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්: ධීවර-නාවිකයන් සැළකිළිමත්වන්න

හෙට(20) දිනය වනවිට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටි.

උතුරු සහ දකුණු අර්ධගෝලයේ සිට හමා එන සුළං අභිසාරි වන කලාපය හේතුවෙන් දැනට දිවයිනට බලපා ඇති වැසි තත්ත්වය හෙට(20) දින දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යාඥයන් මීට පෙර අනාවැකි පළකර තිබුණි.

කෙසේවෙතත් ඉදිරි දිනවලදී ගොඩබිම වැසි තත්ත්වයේ ප්‍රමාණාත්මක අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බවද කාලගුණ විද්‍යාඥයෝ පැවසූහ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට තද වැසිද ඇති විය හැක.

සුළං නිරිත දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here