Home උණුසුම් පුවත් ඡන්ද නීති වෙනස් කරන්න ජනපතිගෙන් නව කොමිසමක්

ඡන්ද නීති වෙනස් කරන්න ජනපතිගෙන් නව කොමිසමක්

ඡන්ද නීති වෙනස් කරන්න ජනපතිගෙන් නව කොමිසමක්

කාලීන සමාජ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව කොමිෂන් සභාවක් පත් කර තිබේ.

හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව 9 දෙනෙකුගෙන් යුත් කොමිෂන් සභාවක් මෙලෙස පත් කර ඇත.

මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ද විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණි.

එහිදී කරුණු ගණනාවක් යටතේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ සාකච්ඡා කර ඇත.

නව කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ ඔවුන්ට පැවරෙන කාර්යභාරය යනාදි විස්තර ඇතුළත් ගැසට් පත්‍රය ද නිකුත් කර ඇත.

එම ගැසට් පත්‍රය පහතින් දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2354-06_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here