Home උණුසුම් පුවත් ධනුෂ්ක යළි ක්‍රිකට් පිටියට

ධනුෂ්ක යළි ක්‍රිකට් පිටියට

ධනුෂ්ක යළි ක්‍රිකට් පිටියට

ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවී තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබූ ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිර්දේශ අනුව එම තීරණය ගෙන ඇත.

2022 වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලක එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ කාන්තාවකගෙන් ලද ලිංගික අතවර චෝදනාවක් මත ය.

එදා සිට වසරකට ආසන්න කාලයක් ධනුෂ්කට ශ්‍රී ලංකාවට පැමිණීමට ද නොහැකි වූයේ නඩු විභාගය නිසයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2022 නොවැම්බර් මාසයේදී ධනුෂ්කට එරෙහිව මෙම ක්‍රිකට් තහනම පැනවීය.

ඔස්ට්‍රේලියාවේදී පැවති නඩු විභාගයෙන් ධනුෂ්ක නිදොස් කොට නිදහස් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here