Home උණුසුම් පුවත් මිතුරියන් දෙදෙනකු එකට දිවි තොර කරගනී

මිතුරියන් දෙදෙනකු එකට දිවි තොර කරගනී

0
මිතුරියන් දෙදෙනකු එකට දිවි තොර කරගනී

කිලිනොච්චියේ නිවසක මුළුතැන්ගෙයක 17 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී කිලිනොච්චිය පොලීසියට ඊයේ හමුවී ඇත.

කිලිනොච්චිය පෙරියපරන්තන් හී පිහිටි නිවසක මුළුතැන්ගෙය තුළ මෙසේ ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ මිතුරියන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා විසින් ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමට පෙර ලියා තබන ලද ලිපියක්ද විමර්ශනයේදී පොලීසියට නිවසේ තිබී හමුවී ඇත. තමන්ට ජීවිතය එපා වී ඇති බවත් සිය කැමැත්තෙන් ඒ නිසා සිය දිවි හානිකර ගන්නා බවත් එහි සඳහන් වන බව පොලීසිය කියයි.

පොලීසිය පවසනුයේ ප්‍රශ්න ගැටළු ඇත්නම් ඊට විසදුම සිය දිවි හානිකර ගැනීම නොවන බවය. ඒ සදහා කොතෙකුත් උපදේශන සේවා ආයතන රටපුරා ඇති බවත් 0112696666, 0112692909 අංකය අමතා සුමිත්‍රයෝ ආයතනයෙන් පවා සහනයක් ලබා ගැනීමට හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here