Home උණුසුම් පුවත් හක්කපටස් පිපුරුමකින් සිසුන් 3ක් රෝහලේ

හක්කපටස් පිපුරුමකින් සිසුන් 3ක් රෝහලේ

0
හක්කපටස් පිපුරුමකින් සිසුන් 3ක් රෝහලේ

ගම්පොල, මාවතුර කලෙයිමගර් දමිල විද්‍යාල භූමියේ තිබී සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා හක්කපටස් නැමැති පිපුරුම් ද්‍රව්‍ය සිසුවෙකුට පෑගීමෙන් ඇතිවුණු පිපුරුමකින් සිසුන් තිදෙනෙක් ඊයේ තුවාල ලබා රෝහල්ගතකර ඇත.

ගම්පොල පොලීසිය සඳහන්කරනු ලැබුවේ පාසල් වේලාව තුළදී මෙම අනතුර සිදුව ඇති බවය.

සිසුන්ට බරපතල තුවාල මෙහිදී සිදුව නැති බවත් සිසුන් තිදෙනා ඊයේ සවස් කාලයේදී ගම්පොල රෝහලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් පොලීසිය කියයි.

මෙම හක්කපටස් නැමැති පිපුරුම් ද්‍රව්‍ය පාසල් භූමියට ගෙන ආවේ කවුරුන්දැයි සොයා බලන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here