තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනක රත්නායකට අමුතු තර්ජනයක්

    ජනක රත්නායකට අමුතු තර්ජනයක්

    මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් බලෙන් ලබා ගැනීමක් සම්බන්ධයෙන් කිරුලපන පොලිස් ස්ථානයට ඒ මහතා විසින් කර ඇති පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භකර ඇත.

    මෙම පැමිණිල්ල ඒ මහතා විසින් කර ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තෙක් විසින් තමාට දුරකථන ඇමතුමක් දෙමින් තමාව ඝාතනය කිරීමට රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලැබී ඇති බවත් එසේ නොකර සිටීමට රුපියල් ලක්ෂ 15ක මුදලක් අවශ්‍ය බව ඉල්ලා සිටි බවත් සඳහන්කර සිටි බවත් ජනක රත්නායක මහතා පොලීසියට පවසා ඇත.

    ඒ අනුව තමා බියට පත්ව එම රුපියල් ලක්ෂ 15ක මුදල දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා ලබාදුන් විස්තරවලට අනුව කිරුලපන පිහිටි පුද්ගලික බැංකුවක් ඉදිරිපිටට රැගෙන ගොස් ලබාදුන් බවත් මුදල් රැගෙන ගියේ මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙක් විසින් බවත් ජනක රත්නායක මහතා සඳහන් කර තිබේ.

    මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කිරුලපන පොලීසිය මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාශයද විමර්ශනයක් ආරම්භකර ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img