තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ දිවුරයි

    අලුත් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ දිවුරයි

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) පක්ෂයෙන් මඩකළපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු මොහොතකට දිවුරුම් දී තිබේ.

    ඒ අද (17) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහිර් මවුලානා

    නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා අලි සහීර් මවුලානා මහතා මෙලෙස දිවුරුම් දී ඇත.

    2022 අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පක්ෂය ගත් තීරණයට පටහැනිව රජයට පක්ෂපාතී වීම හේතුවෙන් නසීර් අහමඩ්, පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයෙන් නෙරපීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කර තිබුණි. අහමඩ් 2021 දෙසැම්බර් 10 වැනි දින පැවති අයවැය තෙවැනි වර කියවීමේදී අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන එච්.එම්.එම් හරීස් (දිගාමඩුල්ල), ෆයිසාල් කාසිම් (දිගාමඩුල්ල) ද 2022 අයවැයට අහමඩ් මන්ත්‍රීවරයා සමඟ ඡන්දය ප්‍රකාශ කළ නමුත් දෙදෙනාම පසුව සමාව අයැද පක්ෂය ගන්නා තීරණවලට පටහැනිව ක්‍රියා නොකරන බවට සහතික වූ බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර නොකළේය.

    පරිසර අමාත්‍යවරයාව සිටි නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය තීන්දු කළේය.

    එම තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීන්දු කිරීමෙන් පසුව ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ගියේ ය.

    මේ අනුව පුරප්පාඩු වූ පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා භාරයේ තිබිය යුතු බවට වන ගැසට්ටුව ද, අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img