තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වසර 128කට පසු ක්‍රිකට් ඔලිම්පික් වරම් දිනයි

    වසර 128කට පසු ක්‍රිකට් ඔලිම්පික් වරම් දිනයි

    2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) අනුමත කර තිබේ.

    ඉන්දියාවේ මුම්බායි නුවර ඊයේ (16) පැවති 141 වැනි IOC සැසියේදී ලොස්ඇන්ජලීස්(LA28) ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීම මෙසේ නිල වශයෙන් නිවේදනය කළේය.

    ක්‍රිකට් ක්‍රීඩාව මෙයට පෙර ඔලිම්පික් නියෝජනය කර ඇත්තේ එක් වරක් පමණක් වන අතර ඒ 1900 වර්ෂයේ දී බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පෙන්වා දෙයි.

    ඒ අනුව නැවත 2028 දි ඔලිම්පික් වරම් ලැබෙන නිසා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් එක්වන්නේ වසර 128කිනි.

    ඒ අනුව ලොව ප්‍රධානම ක්‍රීඩා උළෙල ලෙස සැලකෙන ඔලිම්පික් පදක්කම් සිහිනයට එක්වීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවස්ථාව උදාවනු ඇත. ඒ අනුව ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවට ඇති උනන්දුව ද තවත් ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පෙන්වා දෙයි.

    ICC ය පුළුල් වසර දෙකක ක්‍රියාවලියක් ඔස්සේ ඔලිම්පික් සඳහා ක්‍රිකට් එක් කිරීමේ යෝජනාව අනුමත කරගැනීමේ සුවිශේෂී අවස්ථාව උදාකරගෙන තිබේ.

    “LA28 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීම IOC සැසිවාරයෙන් තහවුරු වීම ගැන අපි සතුටු වෙනවා,” ICC සභාපති ග්‍රෙග් බාක්ලේ (Greg Barclay) පැවසීය.

    “LA28 ක්‍රීඩා උළෙලේදී අපගේ විශිෂ්ට ක්‍රීඩාව ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබීම සහ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩා ලෝලීන්ට මෙම අවස්ථාව එකසේ වැදගත් වනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතම කියා සිටියේය.

    ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගය ක්‍රියාත්මක පැවැති දිනයේ දී ක්‍රිකට් ඔලිම්පික් වරම් දිනා ගැනීම විශේෂත්වයකි. දැන් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමේ වරම ක්‍රිකට් ක්‍රීඩකයන්ට එක්වන අලුත් සිහිනයක් වනවාට සැක නැත.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img