Home දේශීය පුවත් අධිවේගයේ නායයාමක් -4කට තුවාල -දෙපස පදිංචිකරුවන් ඉවතට

අධිවේගයේ නායයාමක් -4කට තුවාල -දෙපස පදිංචිකරුවන් ඉවතට

අධිවේගයේ නායයාමක් -4කට තුවාල -දෙපස පදිංචිකරුවන් ඉවතට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව හා පින්නදුව පිවිසුම් අතර 102 වෙනි කිලෝමීටරයේ දී අද සවස පස් කන්දක් කඩාවැටී සිදුවූ නායයෑමක් හේතුවෙන් අධිවේගී මාර්ග ආරක්ෂාව සඳහා රාජකාරීයේ යෙදී සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීන් 4නෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

එම මාර්ගයේ කොළඹ දෙසට සහ මාතර දෙසට රථවාහන ගමන් කිරිම සම්පුරණයෙන් අඩාල වී ඇත.

මෙම නායයාම් තත්ත්වය මාර්ගය දෙපසම සිදු වී ඇත.

මාර්ගය දෙපස කඳුකර ප්‍රදේශයේ ඉහල කොටසේ පදිංචි වී සිටින ජනතාවට වහාම ආරක්ෂිත ස්ථානයන් කරා ගමන් කරන ලෙසත් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා සිටී.

(ඡායාරූප සමාජ මාධ්‍ය ඇසුරිනි. අයිතිය මුල් හිමිකරුවන් සතුය.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here