Home උණුසුම් පුවත් උඩවලව කැලේ STF ඩ්‍රෝන් මෙහෙයුමක් (📸)

උඩවලව කැලේ STF ඩ්‍රෝන් මෙහෙයුමක් (📸)

0
උඩවලව කැලේ STF ඩ්‍රෝන් මෙහෙයුමක් (📸)

උඩවලව වනෝද්‍යානය තුළ වගා කරන ලද ගංජා හේන් දෙකක් ඩ්‍රෝනා කැමරා යොදාගෙන හදුනාගෙන විනාශ කිරීමට විශේෂ කර්ය බලකා නිලධාරීන්ට හැකිවී තිබේ.

උඩවලව ජාතික වනෝද්‍යානයේ තණමල්විල පොලිස් වසසමට අයත් දෙහිකූරගල ප්‍රදේශයේ දී මෙම වැටලීම කර ඇත්තේ ඊයේ දිනයේදීය.

මෙම හේන්වල තිබුණු ගංජා ගස් 312,660 ක් ගලවා විනාශකර සාම්පල් වශයෙන් ගංජා ගස් 40 ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මව්ආර වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරීන් වෙත භාර දුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී එච්.යු.එන් ද සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක පී.ආර්.එස්. නුවන් කුමාර ප්‍රමුඛ නිලධාරීන් විසින් වැටලීම කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here