තවත්
    මුල් පිටුවCOVIDහිටපු මන්ත්‍රීවරයෙක් කොවිඩ් මාරයාට බිලිවෙයි

    හිටපු මන්ත්‍රීවරයෙක් කොවිඩ් මාරයාට බිලිවෙයි

    දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසින්හම් මහතා
    අභවප්‍රාප්ත වී තිබේ.

    කොවිඩි ආසාදනය වී කන්තලේ
    රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

    මිය යන විට ඔහු 80 වැනි වියෙහි පසුවිය.

    2002 සිට 2020 දක්වා කාලය තුළ ඔහු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළේය. එක් වරක් ඡන්දයෙන්ද අවස්ථා 2ක් ජාතික ලැයිස්තුවෙන්ද ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

    තුරෙයිරත්නසින්හම් මහතා වෘත්තියෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙක් ලෙස කටයුතු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img