තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු IP ට පාතාලය වෙඩි තබා මරාදමයි

    හිටපු IP ට පාතාලය වෙඩි තබා මරාදමයි

    පාතාල අපරාධකරුවන්ට එරෙහිව විමර්ශන රැසක් මෙහෙයවන ලද මේ වන විට වැඩ තහනමට ලක්ව සිටි ඩී.බාලේන්ද්‍රන් නැමැති පොලිස් පරීක්ෂකවරයාට රත්ගම ඔහු පදිංචි නිවස ආසන්නයේ දී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා අද රාත්‍රී ඝාතනය කර තිබේ.

    පොලිසිය විශ්වාස කරනු ලබන්නේ මෙම ඝාතනය මේ වන විට ඩුබායිහි රැඳී සිටින කරන්දෙණියේ සුද්දා හෝ බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී විසින් මෙහෙයවා ඇති බවය

    මෙම නිලධාරියා වැඩ තහනමට ලක්ව ඇත්තේ රාජකාරි අතර තුර පුද්ගලයෙකුට කල පහරදීමක් සම්බන්ධයෙනි.

    අධිකරණයේ ඒ සම්බන්ධයෙන් නඩුවක්ද විභාග වන බව සඳහන්ය. එම නඩුවේ සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීමක් හේතුකොටගෙන මෙම නිලධාරියා අධිකරණ නියෝගයකින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිට ඇත. ඇප ලබා ඇත්තේ දින කිහිපයකට පෙර බව පොලිසිය කියයි.

    ඒ පැමිණ සිටි ඔහුට කරන්දෙණියේ සුද්දාගෙන් සහ පොඩි ලැසී⁣ගෙන්⁣ දිගින් දිගටම මරණ තර්ජන එල්ල වී ඇත. ඊට හේතු වී ඇත්තේ. මෙම කල්ලි දෙකට සම්බන්ධ අපරාධකරුවන් රැසක් ම අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම නිලධාරියා වූ බැවිනි.

    මෙම නිලධාරියා යතුරු පැදියක නැගී නිවෙස වෙත එමින් සිටියදී නිවස ආසන්නයේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන බව පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරයට ලක්වන විට ඔහු සිය සහෝදරයා සමඟ යතුරු පැදිය නතර කර යම් කතාබහක නිරතව සිටිමින් ඇති බවත් වෙඩි ප්‍රහාර එල්ල වී ඇත්තේ එහිදී බවත් විමර්ශනවලින් වලින් අනාවරණය වී තිබේ.

    පොලිස් පරීක්ෂකවරයාට තැබූ වෙඩි කිහිපයක් ඔහුගේ සහෝදරයාට ද වැදි ඇත. ඔහු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img