Home උණුසුම් පුවත් කරන්දෙණිය කඳවුරේ අවි ගබඩාවෙන් ටී-56 අවියක් අතුරුදන්

කරන්දෙණිය කඳවුරේ අවි ගබඩාවෙන් ටී-56 අවියක් අතුරුදන්

0
කරන්දෙණිය කඳවුරේ අවි ගබඩාවෙන් ටී-56 අවියක් අතුරුදන්

කරන්දෙණිය කෘෂිකර්ම හා පශු සම්පත් බලකා කඳවුරෙහි අවි ගබඩාවෙන් ටී – 56 අවියක් අස්ථානගතව ඇති බවට කරන්දෙණිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙසේ අතුරුදන්ව ඇත්තේ 3720123 අංකය දරණ ටී 56 අවිය බවත් පසුගිය 04 වෙනිදාත් 06 වෙනිදාත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බව කඳවුර භාර දෙවැනි ලුතිනන් දිනිති උඳාර මලලගේ විසින් කරන්දෙණිය පොලීසියට ඒ ගැන පැමිණිලිකරමින් සඳහන්කර ඇත.

එහි සඳහන්කර ඇත්තේ පසුගිය 04 වෙනිදා මෙම අවිය අවමංගල්‍ය පෙළපාලියක් සඳහා එදින සවස 2.00ට නිකුත්කර ඇති බවත් නැවත සවස 6.30ට අවි ගබඩාවේ අවි සහයක විසින් භාරගත් බවට ලේඛන ගතව ඇති බවත්ය.

මෙම ගිනි අවිය සොයා මේ වන විට විමර්ශන ආරම්භකර ඇති බව කරන්දෙණිය පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here