Home උණුසුම් පුවත් පාතාලයේ කොමාන්ඩෝ සෙබළා STF ප්‍රහාරයෙන් මරුට

පාතාලයේ කොමාන්ඩෝ සෙබළා STF ප්‍රහාරයෙන් මරුට

0
පාතාලයේ කොමාන්ඩෝ සෙබළා STF ප්‍රහාරයෙන් මරුට

හංවැල්ල පොලිස් වසමේ වග ප්‍රදේශයේ රියල් ස්ටේට් වත්තේ දී සිදු වූ වෙඩි හුවමාරුවකින් පාතාලේ වෙඩික්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව අද අළුයම මරුමුවට පත්විය.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් වූයේ ‘කොට සුපුන්’ නැමැති පාතාලේ වෙඩික්කරුවෙකි. යුධ හමුදා කමාන්ඩෝ බළකායෙන් පලාවිත් පාතාලේ වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කරන මෙම අපරාධකරු පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබුණි.

පොලියට මුදල් දීම ව්‍යාපාරයක් කරගත් අයෙකුට වෙඩි තබා මරා දමා තිබූ අතර එම පුද්ගලයා බන්ටි නැමැති පාතාලයේ අපරාධකරුවකුගේ ඥාතියෙකි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ වෙඩික්කාරු යුද හමුදා කමාන්ඩෝ බලකායෙන් පළා ගොස් සිටින සෙබලෙක් බවය. 24 හැවිරිදි එම සෙබලා හමුදාවෙන් පළාගොස් ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ දී ය.

මෙම සෙබලා වග ප්‍රදේශයේ සැඟවී සිටින බවට විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව අද අළුයම එම ස්ථානය වටලන අවස්ථාවේ දී ඔහු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා ඇති බවත් එහිදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙන බවත් පොලිසිය කියයි. කමාන්ඩෝ සෙබළා මරුමුවට පත්ව ඇත්තේ එහි දී ය. ඔහු මියගොස් සිටි ස්ථානයේ තිබි ටී 81 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් ද හමුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here