Home උණුසුම් පුවත් තවත් බස් අනතුරු 3ක්

තවත් බස් අනතුරු 3ක්

තවත් බස් අනතුරු 3ක්

අද දිනයේදී ප්‍රදේශ කිහිපයකදී සිදුවූ තවත් බස් රථ 3ක් පිළිබඳ වාර්තා වේ.

නිට්ටඹුව අසල කජුගමදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 11 දෙනෙකුට තුවාල සිදුවී ඇත.

කුලියාපිටිය ප්‍රදේශයේ දී පාසල් ළමුන් ප්‍රවාහන බසයක් ලංගම බසයක් හා ගැටී ඇත. එහිදී පාසල් දරුවන් ඇතුළු 15කට පමණ තුවාල සිදුවී රෝහල්ගත කර තිබේ.

මීගමුවේ ප්‍රදේශයකදී පෞද්ගලික බසයක් හා ට්‍රක් රථයක් ගැටීමෙන් බස් රියදුරු මියගොස් ඇතැයි ද වාර්තා වේ.

පොලීසිය විසින් මෙම සියලුම අනතුරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි තත්ත්වය සමඟ මාර්ග ලිස්සනසුළු බැවින් මාර්ගවල ධාවනය කරන රථවාහන ඇතුළුව ගමන් කරන සියලු දෙනා කල්පනාකාරීව ගමන් කරන ලෙස පොලීසිය ජනතාවට දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here