Home උණුසුම් පුවත් පාසලේ විදුලි පංකාව සිසුවාගේ මරණයට අතවනයි

පාසලේ විදුලි පංකාව සිසුවාගේ මරණයට අතවනයි

0
පාසලේ විදුලි පංකාව සිසුවාගේ මරණයට අතවනයි

පුස්සැල්ලාව හින්දු විදුහලේ ඊයේ පැවති උත්සවයක් අතර තුර 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු වන ආර්. සුදර්ශන් නැමැති දරුවා විදුලේ සිවිලිමේ එල්ලා ඇති විදුලි පංකාවක හිස ගැටී තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙම සිසුවා පුපුරැස්ස දකුණ කොටසේ පදිංචිකරුවෙකි.

තවත් සිසුන් කිහිප දෙදෙනක් සමඟ මෙම සිසුවා සෙල්ලම්කරමින් සිටියදී පංති කාමරයේ පුටුවක් ආධාරයෙන් මේසයක් මතට නැගීමේදී සිවිලිමේ සවිකර තිබූ විදුලි පංකාව හිසේ ගැටී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙය හදිසි අනතුරක් බවත් මේ ගැන පුස්සැල්ලාව පොලීසිය විමර්ශන පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here