චීනයේ හංග්ෂුහිදී මේ වනවිට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාව අද දිනයේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගෙන තිබේ.
වසර 21 කට පසුව මළල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනාගනිමින්, ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් තරගයේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් වී තිබේ.
එහිදී ඇය දැක්වූ දක්ෂතාව 02.03.20 ක් ලෙස සටහන් වේ.
මේ අතර මීටර් 400×4 කාන්තා සහය දිවීමේ ඉසව්ව සඳහා ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව වාර්තා කරමින් එම ඉසව්වේ අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
එහිදී ඔවුන් දැක්වූ දක්ෂතාව 03.30.88 ක් ලෙස සටහන් විය.
මේ අතර ආසියානු තරඟාවලියේ මීටර් 400×4 පිරිමි සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.
එහිදී ඔවුන් දැක්වූ දක්ෂතාව 03.02.55 කි.