Home උණුසුම් පුවත් කඩුවක් අරන් මිනීමැරුමකට ගිය SI අත්අඩංගුවට

කඩුවක් අරන් මිනීමැරුමකට ගිය SI අත්අඩංගුවට

0
කඩුවක් අරන් මිනීමැරුමකට ගිය SI අත්අඩංගුවට

පුද්ගලික ආරවුලක් මුල්කරගෙන පුද්ගලයෙකු මරා දැමීමට කඩුවක් රැගෙන නිවසකට කඩා වැදුණු උප පොලිස් පරීක්ෂකවරයෙකුව කටුපොත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරම පොලීසියට අනුයුක්තව සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී මෙසේ හැසිරී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කටුපොත, පනාගමුවේ පිහිටි නිවසකට අවස්ථා දෙකකදී මෙම උප පොලිස් පරීකෂකවරයා කඩුවක් රැගෙන කඩා වැදී ඇති බවත් එම අවස්ථා දෙකේදීම ඔහුගේ ඉලක්කය වූ පුද්ගලයා සැගවී සිටීම නිසා ජීවිත හානියක් සිදුවී නැති බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here