Home උණුසුම් පුවත් බීමතින් යකා නැටූ PC බෙල්ලෙන් අල්ලා IP ට පහරදීලා

බීමතින් යකා නැටූ PC බෙල්ලෙන් අල්ලා IP ට පහරදීලා

0
බීමතින් යකා නැටූ PC බෙල්ලෙන් අල්ලා IP ට පහරදීලා

දඹගල්ල පොලිස් ස්ථානය තුළ බීමතින් යකා නැටූ පොලිස් කොස්තාපල්වරයෙකු පරීක්ෂකවරයෙකුට බෙල්ලෙන් අල්ලා පහරදී පළාගොස් ඇත.

මේ වන විට සැඟව සිටින එම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට මොණරාගල දිස්ත්‍රික් 01 පොලිස් අධිකාරීවරයා විසින් පියවර ගෙන තිබේ. එම වැඩතහනම් කිරීමේ නියෝගය ඊයේ නිකුත්කර ඇත.

මෙම පහරදීමේ සිදුවීම පසුගිය 27 වෙනිදා සිදුව ඇත්තේ රාත්‍රී කාලයේදීය. පළාගොස් සැඟව සිටින කොස්තාපල්වරයා පොලිස් රියදුරෙකි.

එදින රාත්‍රී ජංගම රාජකාරියේ නිරතව සිටි මෙම කොස්තාපල්වරයා රාජකාරියට වාර්තා නොකර බීමතින් පොලිස් ස්ථානයට පැමිණ කලහාකාරී ලෙස හැසිරී ඇති බවත් ඊට එරෙහිවූ පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගෙලෙන් අල්ලා පහරදී තිබෙන බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here