Home උණුසුම් පුවත් වෙලේ සුදා හිරෙන් එළියට ගෙනයාම තහනම් කර උසාවි නියෝගයක්

වෙලේ සුදා හිරෙන් එළියට ගෙනයාම තහනම් කර උසාවි නියෝගයක්

වෙලේ සුදා හිරෙන් එළියට ගෙනයාම තහනම් කර උසාවි නියෝගයක්

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා මේ මස 24 වනදා තෙක් එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එම නියෝගය අද (17) දින බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාට දන්වා තිබේ.

ඔහුගේ මව වන ආර්.ජී. මාලනී නැමැත්තිය විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු විසින් එම නියෝගය නිකුත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here