Home දේශීය පුවත් වැරදි කරන රියදුරන් ගැන පොලීසියට කියන අලුත්ම ක්‍රමය මෙන්න

වැරදි කරන රියදුරන් ගැන පොලීසියට කියන අලුත්ම ක්‍රමය මෙන්න

වැරදි කරන රියදුරන් ගැන පොලීසියට කියන අලුත්ම ක්‍රමය මෙන්න

මහා මග ඔබ දකින රිය අනතුරක් හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් රථවාහන ධාවනය කරන රියදුරන් දුටු විට ඒ ගැන ඡායාරූපයක් හෝ වඩියෝවක් මගින් පොලීසියට දැනුම් දීමට හැකි app එකක් ශ්‍රී ලංකා පොලීසිය විසින් හදුන්වා දී ඇත.

ගෝලීය රථවාහන සුරක්ෂිතතා සතිය වෙනුවෙන් e-traffic police sri lanka නම්වූ මෙම app එක හදුන්වාදී තිබේ.

මෙම app එක බාගත කරගෙන ඒ හරහා රථවාහන අනතුරු සහ රථවාහන රියදුරන් විසින් කරනු ලබන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශත අජිත් රෝහන මහතා සදහන් කරයි.

ගෝලීය රථවාහන සුර්ෂිතතා සතිය අද (17) සිට ලබන 23 වෙනිදා දක්වා නම්කර තිිබේ. මෙවර තේමාව වී ඇත්තේ “ජීවිතයට වීදිය“ (“Streets for Life”) යනුවෙනි. නාගරික ප්‍රදේශවල රථවාහන ධාවනයේ වේගය පැයට කිලෝ මීටර් 30 දක්වා පවත්වාගෙන යාම මෙවර මෙම සතිය තුළ කෙරන ඉල්ලීම වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here