Home උණුසුම් පුවත් නියෝජ්‍ය ඇමතිවරයෙක් අත්අඩංගුවට නොගන්නැයි බල කළ සබරගමුව හිටපු SDIG හිරේට

නියෝජ්‍ය ඇමතිවරයෙක් අත්අඩංගුවට නොගන්නැයි බල කළ සබරගමුව හිටපු SDIG හිරේට

නියෝජ්‍ය ඇමතිවරයෙක් අත්අඩංගුවට නොගන්නැයි බල කළ සබරගමුව හිටපු SDIG හිරේට

සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණය විසින් වසර 05ක සිර දඬුවම් නියම කර තිබේ.

ඒ චූදිත සිද්ධිය වනවිට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාව මත ය.

ඊට අමතරව රුපියල් 20,000ක දඩයක් ගෙවන ලෙසට ද විත්තිකරුට වැඩිදුරටත් නියෝග කර ඇත.

2015 වසරේ ජනවාරි 05 වනදා කහවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කහවත්ත පොලීසිය විසින් සිද්ධියේ සැකකරුවෙකු ලෙස හඳුනාගත් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වී ඇත.

එහිදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට එවකට කහවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here