Home උණුසුම් පුවත් හැඳුනුම්පත් අංක ක්‍රමයට එළියට යාම අද සිට ක්‍රියාත්මකයි

හැඳුනුම්පත් අංක ක්‍රමයට එළියට යාම අද සිට ක්‍රියාත්මකයි

හැඳුනුම්පත් අංක ක්‍රමයට එළියට යාම අද සිට ක්‍රියාත්මකයි

කොවිඩි ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්‌ ගෙවුණු දින 3 තිස්සේ දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා අද (17)
අලුයම 4.00 ට ඉවත්‌ කෙරැණු අතර අද සිට හැඳුනුම්පත් අංක ක්‍රමය බලාත්මක වේ.

මැයි මස 31 වන දින දක්වා දෛනිකව රාත්‍රි 11.00 සිට අලයම 4.00 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක ය.

පළාත්‌ අතර සංචරණ සීමා ද අඛණ්ඩව ක්‍රියාත්මක ය.

සංචරණ සීමා නොමැති කාල වලදී වුවද
රාජකාරී කටයුතුවලට හැර වෙනත්‌
අවශ්‍යතා සඳහා නිවෙස්වලින්‌ පිටවීමට
හැකියාව ඇත්තේ ජාතික හැදුනුමිපතේ
අවසාන අංකයට අනුව පමණක් වන අතර එම හැකියාව ඇත්තේ ද හුදෙකලා නොකළ ප්‍රදේශවල අයට පමණි.

ඒ අනුව අද (17) සිට හැඳුනුමිපත්‌ අංක ක්‍රමය අනුව නිවසෙන්‌ පිටවීමට අවස්ථාව හිමිවන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක්‌ වෙත ගමන්‌ කිරීම සඳහා පමණයි.

ඔත්‌තේ දිනවලදී (17,19,21,23,25,27,29,31)
හැඳුනුම්පතේ අවසාන අංකය ඔත්තේ
නමි (1,3,5,7,9) නිවසින්‌ බැරට යාමේ අවස්ථාව ලැබේ.

ඉරට්ටේ දිනවලදී (18,20,22,24,26,28,30)
හැඳුනුම්පතේ අවසාන අංකය ඉරට්ටේ නමි (0,2,4,6,8) නිවසින්‌ බැරට යාමේ අවස්ථාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here