කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව දැල්තර බටහිර ග්‍රාමනිලධාරී වසම භාරව සේවය කරන සංවර්ධන නිලධාරිනියකට යතුරුපැදි කරුවෙක් විසින් ඊයේ (16) එල්ලකළ පහරදීමක් ගැන පිළියන්දල පොලීසිය පරීක්ෂණයක් ආරම්භකර තිබේ.
හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට ආණ්ඩුවෙන් ලබාදෙන රුපියල් 5000 ක් වටිනා වියළි ආහාර මළු බෙදා දී නිවසට ගමන් කරමින් සිටියදී ඇයට මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
බෙදා දුන් බඩු මල්ලෙහි රුපියල් 5000 ක බඩු නොමැති බව සදහන් කරමින් ඇයට එම පහරදීම කර ඇතැයි පිළියන්දල පොලීසිය සදහන් කරයි.
ඇයට පහරදී ඇත්තේ අතින්ය. ඇය ගමන් කරමින් සිටි යතුරු පැදියද පෙරලා හානිකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.
සංවර්ධන නිලධාරිනියට පහරදීමට පැමිණි පුද්ගලයා හිස් වැසුමක් දමා මුඛ ආවරණ පැලද සිටි බැවින් හදුනා ගැනීමට හැකියාවක් ලැබී නැත. එහෙත් ඔහු ගමන්ගත් යතුරු පැදිය ඔස්සේ අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව අජිත් රෝහන මහතා පැවැසීය.
![]() |
Virus-free. www.avast.com |