Home උණුසුම් පුවත් මිල්කෝ සමාගමත් ප්‍රතිව්‍යුහගත කිරීමේ සූදානමක්

මිල්කෝ සමාගමත් ප්‍රතිව්‍යුහගත කිරීමේ සූදානමක්

මිල්කෝ සමාගමත් ප්‍රතිව්‍යුහගත කිරීමේ සූදානමක්

කිසිදු අවස්ථාවක විගණනයට ලක්ව නැති මිල්කෝ සමාගම කෝපා හෝ කෝප් කමිටුව ඉදිරියට කැඳවීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.

මිල්කෝ සමාගමේ සියලුම වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මිල්කෝ සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

මිල්කෝ සමාගමෙන් ජනතාවට සිදුවිය යුතු නිසි මෙහෙවර ඉටුනොවන බවත් දූෂණ හා වංචා නිසා එම සමාගමට විශාල මුදලක් අහිමි වන බවද වෘත්තීය සමිත් නියෝජිතයන් පෙන්වා දුනි.

ඒ හේතුවෙන් විගණනයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි ඔවුන් කියා සිටියේය.

ඒ අනුව මෙම සමාගමේ ඉහළ කළමනාකාරීත්වය කෝප් සහ කෝපා කමිටු ඉදිරියට කැඳවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here