Home උණුසුම් පුවත් අවසන් තරඟයෙන් මහේෂ් ඉවතට

අවසන් තරඟයෙන් මහේෂ් ඉවතට

අවසන් තරඟයෙන් මහේෂ් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ආසියානු කුසලාන අවසන් මහා ක්‍රිකට් තරඟය සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ ඔහු පකිස්ථානයට එරෙහිව පැවැති තරගයේදී අබාධයකට ලක්වීම හේතුවෙනි.

ස්කෑන් පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඔහුගේ මාංශ පේශි ඉරිමකට ලක්වී ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මහීෂ් තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට කැඳවා තිබේ.

ආසියානු කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හෙට (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here