Home උණුසුම් පුවත් මෙරට සෞඛ්‍ය අර්බුදය ගැන කියන්න ජිනීවා යයි

මෙරට සෞඛ්‍ය අර්බුදය ගැන කියන්න ජිනීවා යයි

මෙරට සෞඛ්‍ය අර්බුදය ගැන කියන්න ජිනීවා යයි

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද ආණ්ඩුවට පෙන්වා දීම තවදුරටත් ඵලක් නොවන බව සමඟි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසුවේ එවන් පසුබිමක් තුළ, පවතින ගැටලු නිරාකරණය කිරීම ආණ්ඩුවේ වගකීමක් බවයි.

මේ අතර මෙරට සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ඊයේ (09) රාත්‍රියේ ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබේ.

ඔහු සඳහන් කළේ ඖෂධ අර්බුදය හා ඉන් ජනතාව පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් එහිදී ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම දැනුවත් කරන බවයි.

Photo – File photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here