රුසියානු හමුදාවන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනයට ඉතිරිව ඇත්තේ තවත් දින 30කටත් වඩා අඩු කාලයක් බව ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙලේ හමුදා නිලධාරියෙකු අනාවරණය කරයි.
බී.බී.සී ලෝක සේවයේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් එක්සත් ජනපද ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් මාර්ක් මිලී පැවසුවේ ශීත කාලගුණික තත්ත්වයන් සමඟ යුක්රේනයට සිය ඉදිරි මෙහෙයුම් දැඩි අභියෝගාත්මක වනු ඇති බවයි.
මෙහිදී හමුදා ප්‍රධානියා විසින් යුක්‍රේන ප්‍රතිප්‍රහාරයන් බලාපොරොත්තු වූවාට වඩා සෙමින් සිදු වූ බව පිළිගනු ලැබීය. එහෙත් ඔහු වැඩිදුරටත් පැවසුවේ “තවමත් දරුණු සටන් සිදුවෙමින් පවතිනවා.”යනුවෙනි. මේ අතර ජෙනරල් මිලී ප්‍රකාශ කළේ ප්‍රති-ප්‍රහාරය අසාර්ථක වූවාද යන්න පැවසීමට ඉක්මන් වැඩි නමුත් යුක්රේනය “රුසියානු ඉදිරි පෙළ හරහා ඉතා ස්ථාවර වේගයකින් ඉදිරියට යමින් සිටින” බවයි.
මෙම වසර මැදදී යුක්‍රේනය විසින් රුසියාව අතට පත්වූ භූමි ප්‍රදේශ යලි අත්පත් කරගැනීමට මෙහෙයුම්වලදී ලබා ගෙන ඇත්තේ ඉතා කුඩා ජයග්‍රහණ කීපයක් පමණි. එහෙත් යුක්‍රේන ජෙනරාල්වරු කියා සිටින්නේ ඔවුන් දකුණේ රුසියාවේ බලවත් පළමු ආරක්ෂක වළල්ල බිඳ දැමූ බවයි.
මේ අතර රුසියාව සිය ගෝලීය බලය වර්ධනය කරගැනීමට සමත්වෙමින් පවතී. එහිදි මෙම සති අන්තයේදී පැවැති ජී20 සමුළුවේදී රුසියානු ආක්‍රමණය හෙළාදකමින් සම්මුති ප්‍රකාශයක් නිකුත් වෙතැයි බලාපොරොත්තු වුවද එය සිදු නොවීය.
ඒ අනුව බටහිර රටවල් අපේකෂා කළ අයුරින් රුසියාවට බලපෑම් කිරීමට නොහැකි වී ඇති අතර අප්‍රිකානු රටවල් රැසක්ද යුරෝපා රටවල්වලට සිය ප්‍රතිරෝධය දක්වමින් රුසියාව සමඟ එක්වීමට පියවරගෙන ඇත.