තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"නොරෙච්චෝලේ බලාගාරයට චීන ඉංජිනේරුවන් බඳවාගන්නෙ නෑ" -ලංවිම

    “නොරෙච්චෝලේ බලාගාරයට චීන ඉංජිනේරුවන් බඳවාගන්නෙ නෑ” -ලංවිම

    නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන් බඳවා ගන්නා බවට ඇතැම් පුවත්පත් සහ සමාජ මාධ්‍ය ජාලා වල සංසරනය වන ලිපිය අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    දැනට විදුලිබල මණ්ඩලයේ පවතින පුරප්පාඩුව සඳහා දේශීය ඉංජිනේරුවන් බඳවාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා එම පිරියෙන් සුදුසු ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.

    ඒ අතර සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ 400 ට වැඩි පිරිසක් අතරින් 19 දෙනෙකු තෝරාගෙන බඳවා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවති.

    එමෙන්ම විදේශීය ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා අමාත්‍යංශය හෝ විදුලිබල මණ්ඩලය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ අනුමැතියක් ලබාගෙන නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු, රොහාන් සෙනෙවිරන්න මහතා කියා සිටි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img